නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

0
1

පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

අද (19) පස්වරු 4:00 සිට හෙට (20) පස්වරු 4:00 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශ ආශ්‍රිතව මෙම නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කළේය.

ඒ අනුව විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කළ ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

බදුල්ල දිස්ත්‍රික්කය:
– හල්දුම්මුල්ල
– ⁠පස්සර

ගාල්ල දිස්ත්‍රික්කය:
– නාගොඩ
– ⁠ඇල්පිටිය
– ⁠නෙළුව

මහනුවර දිස්ත්‍රික්කය:
– ⁠උඩුනුවර
– ⁠උඩුදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කය:
– ⁠මාවනැල්ල
– ⁠රුවන්වැල්ල
– ⁠අරණායක
– ⁠රඹුක්කන
– ⁠කෑගල්ල
– ⁠බුලත්කොහුපිටිය
– ⁠යටියන්තොට
– ⁠ගලිගමුව

මාතලේ දිස්ත්‍රික්කය:
– රත්තොට
– ⁠යටවත්ත
– ⁠උකුවෙල
– ⁠පල්ලෙපොල
– ⁠අඹන්ගග කෝරළය
– ⁠ලග්ගල
– ⁠නාඋල

නුවරඑළිය දිස්ත්‍රික්කය:
– අඹගමුව
– ⁠හගුරන්කෙත
– ⁠වලපනේ

රත්නපුර දිස්ත්‍රික්කය:
– කලවාන
– ⁠ඉඹුල්පෙ
– ⁠ඇහැළියගොඩ
– ⁠රත්නපුර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here