දූත මණ්ඩල ප්‍රධානීන් දෙදෙනෙකුගේ සහ අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ නාමයෝජනාවලට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.
ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (20) එම කාරක සභාව පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීය.
ඒ අනුව, ඉතියෝපියා ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තානාපතිවරිය සහ අප්‍රිකානු සංගමයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස නම් කරන ලද නිර්මලා ඉන්දුමතී ඩයස් පරණවිතාන මහත්මියගේ සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකා නව තානාපති ලෙස නම් කරන ලද මහාචාර්ය මොහම්මද් ඉබ්‍රාහිම් ෆසීහා අස්මි මහත්මියගේ නාමයෝජනා සඳහා මෙලෙස පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවී තිබේ.
එයට අමතරව, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.ඒ්. විමලේන්තිරරාජා මහතාගේ පත්කිරීම සඳහාද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවී තිබේ.
Saru News
















