රට පුරා විසිරී සිටින පොහොට්ටු පක්ෂ ක්‍රියාකාරිකයින් හදිසියේම එම පක්ෂ ප්‍රධාන කාර්යාලයට ගෙන්වා නව පත්වීම් කිහිපයක් ලබාදී ඇති බව වාර්තා වේ.
එසේ පත්වීම් ලැබූවන් අතර සනත් නිශාන්තගේ බිරිඳ චමරි පෙරේරා සහ නාමල් උඩුගමගේ බිරිඳ රුවන්ති මංගලා සිටින බව වාර්තා වේ. මෙම රැස්වීම මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් ඊයේ (06) පවත්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ඔහුගේ ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණේ විධායක කමිටු රැස්වීමක් පැවැත්වූ බවය.
එහෙත් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ රට පුරාම ක්‍රියාකාරිකයින් රැස් කළ බවය.
0
Saru News
















