නාමල් සැබෑ නීතිඥයෙක් ද නැද්ද? විමර්ශන ඇරඹේ!

0
13


කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීතිඥවරයෙක් ද නැද්ද? යන්න පිළිබඳ විමර්ශන ආරම්භ කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා ඔහුගේ නීති උපාධිය ලබාගෙන ඇත්තේ වංචනිකව ද නැද්ද යන්න පිළිබඳව විමර්ශනය කෙරෙනු ඇති.

එම විමර්ශනය ආරම්භ වන්නේ අල්ලසට හා දූෂණයට එරෙහි පුරවැසි බලය නමැති සංවිධානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුවය.

ඒ අනුව ඒ පිළිබදව විමර්ශනය කර කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයට නියෝග කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here