නාමල් රාජපක්ෂ හෙට CIDයට – Saru News | සිංහල

0
7

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පත්මේ සමග සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට හෙට (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවට කැඳවා තිබේ.

කෙහෙල්බද්දර පත්මේ සමග ඉතා සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියන ප්‍රබල දේශපාලනඥයන් 06 දෙනකුද ප්‍රකාශ සටහන් කරගැනීම සදහා ඉදිරි දින කීපයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමට නියමිත පැවසේ.

මෙම සිදුවීමටම අදාළව බස්ණාහිර පළාත් හිටපු මහ ඇමති මෙන්ම හිටමු ඇමති ප්‍රසන්න රණතුංද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා අද (02) ප්‍රකාශයක් සහටන් කරගන්නා ලදී.

මෙම ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබන්නේ, පාතාල නායක කෙහෙල්බද්දර පත්මේ නැමැත්තා ඇතුළු අපරාධකරුවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කරනු ලබන විමර්ශනවලට අනුව හෙළිකරගත් තොරතුරු මතය.

අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පත්මේ නැමැත්තා සමග එම දේශපාලනඥයන්ගෙන් ඉතා සමීප සබදතා පවත්වා ඇති බවට දැනට කරන ලද තොරතුරුවලදී අනාවරණය වී ඇති බව පැවසේ.

අපරාධ කල්ලි නායක මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පත්මේ, බැකෝ සමන්, පානදුරේ නිලංග, කමොන්ඩෝ සලින්ද සහ තැඹිලි ලහිරු නැමැත්තන් ඉකුත් වසරේ අගෝස්තු මාසයේ මෙරට පොලිස් නිලධාරින් සහ ඉන්දුනීසියානු පොලිසිය සමග එක්ව ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලදී.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here