නාමල් රාජපක්ෂයට එරෙහි නඩුවක් කැඳවීමට දින දෙයි

0
2


ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 වක මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 27 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. 

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. 

එහිදී විනිසුරුවරයා නියෝග කළේ මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 27 වන දා කැඳවන බවයි. 

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද අධිකරණයේ පෙනී සිටියා. 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here