ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ආසන සංවිධායකයින් පත් කිරීමේ දී නාමල් රාජපක්ෂ අන්ත අසරණ තත්වයට පත් වී ඇති බවත්, එම තත්වය හමුවේ පිංපොං වැන්නන් පක්ෂයේ තනතුරුවලට පත් කිරීමට පවා සිදු වී ඇති බවත් විචාරකයින් පෙන්වා දෙති.
කැස්බෑව ආසනය සඳහා පිංපොං හෙවත් රජිත හිරාන් සංවිධායක ලෙසින් පත් කර තිබුණේ මෙයට දින 10කට පමණ පෙර ය. එම පත් කිරීම පිළිබඳව පැතිර ගිය ප්‍රචාරය බොහෝ දෙනෙකු විශ්වාස නොකළ අතර, ඊයේ (29) ඔහු එම තනතුර බාර ගත් අවස්ථාවේ උත්සවයක් පැවැත්වීම නිසා මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු වී තිබිණි.
මුලදී එම පත් කිරීම සම්බන්ධයෙන් හෙළි වී තිබුණේ සාගර කාරියවසම් විසින් අත්තනෝමතිකව සිදු කර ඇති බව ය. නමුත් පසුව හෙළි වූයේ පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ විසින් එම පත් කිරීම සිදු කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන විචාරකයින් පෙන්වා දෙන්නේ පිංපොංගේ සරණ පැතීමට තරම් නාමල් රාජපක්ෂ අසරණ වී ඇති බව ය.
එම පත්වීම ලබා දීමෙන් පසුව පොහොට්ටු පක්ෂය තුළ ඉහළ නිලතල දරන්නන් සහ තවත් බොහෝ පිරිසක් කලබලයට පත් වී ඇති බවත් වාර්තා වේ.
කැස්බෑව ආසනය ‘පිංපොං’ට දුන්නෙ නෑ! – හිරු නිවුස්

9
Saru News










