පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පෙනී සිටින නාමල් රාජපක්ෂ තම දේශපාලන අනාගතය ගොඩ නගා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ වැඩිහිටියන් පාවා දීමට පටන් ගෙන තිබේ.
ඔහු පසුගිය දිනයක අවධාරණය කර තිබුණේ ශිරානි බණ්ඩාරනායක අග විනිසුරුවරිය දෝෂාභියෝගයක් මගින් නෙරපා හැරීම නොකළ යුතුව තිබූ දෙයක් බව ය. දිවි නැගුම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අර්ථ නිරූපණය රාජපක්ෂ පවුල් පාලනයට හිතකර නොවීම නිසා ඇයව නෙරපා හැරීමට දෝෂාභියෝගයක් ගෙන ආවෝය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ දෙවන ධුර කාලය තුළ 2013 වසරේ දී බැසිල් රාජපක්ෂ ප්‍රබල අමාත්‍යවරයෙකු ලෙස සිටියදී එලෙස ඇයව තනතුරෙන් නෙරපා හරිනු ලැබීය.
Saru FM Media