නාමල්ට එරෙහිව ක්‍රිෂ් ගනුදෙනු නඩු විභාගයෙන් විනිසුරු ඉවතට

0
9


ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩු විභාගයෙන් තමන් ඉවත් වන බව අද දැනුම් දුන්නා.

සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත යන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තමන් සම්බන්ධයෙන් මුහුණු පොතේ පළ කර තිබූ අදහස්වලින් අනතුරුව තමන් මෙම තීන්දුව ගත් බවයි විනිසුරු මංජුල තිලකරත්න මහතා විවෘත අධිකරණයේදී අද දැනුම් දුන්නේ.

ඒ අනුව මෙම නඩුව විභාග කිරීමට සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා එය කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවට යොමු කරන බවද ඔහු විවෘත අධිකරණයේ කියා සිටියා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here