පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා සිදුකරනු ලැබූ අපහාසාත්මක සහ දේවේශ සහගත ප්‍රකාශයට එරෙහිව එන්තරවාසියක් යොමු කර තිබේ.
නීතිඥයෙකු මාර්ගයෙන් මෙම නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත මෙම එන්තරවාසිය යවා ඇත.
2025 සැප්තැම්බර් මස 6 වන දින හෝ ඊට ආසන්න දිනයකදී හෝමාගම ප්‍රදේශයේ දී හෝ වෙනත් ආසන්න ප්‍රදේශයක පැවති මාධ්‍ය හමුවකදී පාතාලය සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර ඇතැයි එන්තරවාසියේ සඳහන් වේ.
එම ප්‍රකාශය අතරතුර නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සැප්තැම්බර් 6 හෝ ආසන්න දිනයක දී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන ආ බවට සැක කෙරෙන බහාලුම් දෙකක් සම්බන්ධයෙන් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇති අතර, ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇතැයි අදාළ එන්තරවාසියේ දැක්වේ.
එකී ප්‍රකාශය අතරතුර නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විසින් තම සේවාදායකයා වන නාමල් රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් ඉතා පැහැදිලි ලෙස මාධ්‍යයට ප්‍රදර්ශනය කර ප්‍රකාශ නිකුත් කර ඇතැයි නීතිඥවරයා එන්තරවාසියේ සඳහන් කර ඇත.
අදාළ ප්‍රකාශයෙන් පසුව නාමල් රාජපක්ෂ මහතාට සහ ඔහු නියෝජනය කරන පොදුජන පෙරමුණට එරෙහිව විරෝධතාවයක් සංවිධානය කිරීමට මෙම ප්‍රකාශය පාදක වී ඇතැයි ද අදාළ එන්තරවාසියේ සඳහන්ය.
ඉහත ප්‍රකාශයන් හා ඊට අදාළ ක්‍රියාදාමයන් තුළින් නාමල් රාජපක්ෂ මහතාගේ කීර්ති නාමයට ඉතා විශාල හානියක් සිදුකර ඇති බවටත් ඔහුට අපහාසාත්මක ලෙස හා ඔහුගේ චරිතය ගැන අන් අය තුළ වැරදි මතයක් ඇති කිරීමට කටයුතු කර ඇතැයි ද එන්තරවාසියෙන් පෙන්වා දී තිබේ.
ඒ අනුව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ මෙම ක්‍රියාකලාපයෙන් නාමල් රාජපක්ෂ මහතාගේ කීර්ති නාමයට සිදුවූ හානියට රුපියල් බිලියනයක තක්සේරුවක් ද නීතිඥයා විසින් සිදුකර තිබේ.
ඒ අනුව දින තුනක කාලයක් තුළ ඉහත සඳහන් කළ මාධ්‍ය සාකච්ඡාව ලබාදුන් ආකාරයේම ප්‍රසිද්ධියක් ලබාදෙමින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා නාමල් රාජපක්ෂ මහතට එරෙහිව සිදුකළ සාවද්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව ද නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා වෙත දැනුම්දී තිබේ.
එසේ නොවන්නේ නම් ලිපියේ සඳහන් දින 14ක් ඇතුළත එකී මුදල තම සේවාදායකයා වන නාමල් රාජපක්ෂ මහතා වෙත ගෙවීමට කටයුතු කරන ලෙසත්, එසේ නොවන්නේ නම්, රුපියල් බිලියනයක මුදල ද ඊට අදාළ නෛතික පොලිය ද, නඩු ගාස්තු සහ වෙනත් ආනුශංගික වියදම් ද අයකර ගැනීම උදෙසා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාට එරෙහිව නඩු පවරන අදාළ එන්තරවාසියේ සඳහන් වේ.
Saru FM Media