නාමල්ටත් බැරි වෙච්චි දේ කරන සුනිල්

0
8


නිශ්මං රණසිංහ අප්‍රේල් 04,කොළඹ LNW :

නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත්වන විට ඔහු සහ සිය සහෝදරයන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට විදේශ ක්‍රීඩකයින් ක්‍රීඩා කරවා,ශ්‍රී ලංකාවට පවුම් 50000 ක දඩයක් ගෙවන්නට වූ සිඳුවීමක් ඇති වී තිබිණ.එම දඩයට එම අපරික්ෂාකාරී සහ අශෝභන වූ අපකීර්තිමත් තීරණය ගැනීමට මුල් වූ නිලධාරීන් වගකිව යුතු වුව ද,එම නිලධාරීන් එක් වී සිඳු කළේ එම දඩය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් ලැබෙන මුදලින් අඩු කර ගන්නා ලෙස දැන්වීමය.

මෙම කාරණය ලියා පතුරු ගසා අවසන් වුව ද,ලංකාවේ දේශපාලකයන් සහ ක්‍රීඩා අමාත්‍යංශයේ මෙන්ම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ වගකිවයුතු අයද අන්ධයන් බිහිරන් සේ කටයුතු කරා විනා කිසිඳු තීරණයක් ගත්තේ නැත.

නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමති ධූරයට පත් වූ විට ඔහු සහ සහෝදරයින් සමඟ ක්‍රීඩා කරන්නට විදේශිකයන් කැඳ වූ පරිපාලනයට විඳින්නට සිඳු වී තිබූ අපකීර්තිය නිසා එම පරිපාලනයට සම්බන්ධ වී සිටි ප්‍රධාන චරිත රගර් සමාජය ඇතුළත ප්‍රතික්ෂේප වී තිබිණ.ඒ අඩුව මකන්නට නාමල් රාජපක්ෂ රගර් පරිපාලනය විසුරුවා හරින තැනට පත් විය.ඊට ප්‍රථම වරද සිඳු වූ පරිපාලනයේ ප්‍රධානියාව ආසියානු සම්මේලනයේ සභාපතිවරයාව ද හවුල් කරගෙන මෙරට රගර් පරිපාලනයට උපදේශක සභාවක් ලෙස පත් කර එහි සභාපතිවරයා ලෙස පත් කළේය.

දැන් කළුනික ලෙස වත්මන් අමාත්‍යවරයා ද ආසියානු පදේට රඟමින් සිටින එවකට සිටි පාලනයේ සභාපති රිස්ලි ඉල්ලියාස් ද ආසියානු සභාපති සහ නාමල් රාජපක්ෂ ඇමති එම උපදේශක මණ්ඩලයට නම් කර තිබිණ.එහෙත් ව්‍යවස්ථානුකූලව බලයේ සිටි ඉල්ලියාස්ගෙන් ප්‍රධානත්වයෙන් යුත් රගර් පරිපාලනය එම මැදිහත්වීම් ඉවසුවේ නැත.ශ්‍රී ලංකාවේ රගර් ගැන කටයුතු කිරිමට බලයේ සිටින සංගමයට පිටතින් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සමඟ සම්බන්ධ වී ආසියානු සභාපතිවරයා කරන වැඩ ගැන මෙන්ම ශ්‍රී ලංකාවේ රගර්වල අනුග්‍රාහකයා සමඟ නව ගිවිසුමකට එළඹෙන්නට සාකච්ඡා කරමින් සිටියදී ආසියානු සභාපති එම අනුග්‍රාහකයාව නාමල් රාජපක්ෂගේ මැදිහත්වීමෙන් ආසියානු තරගාවලියකට ගෙන්නා ගන්නේය.මේ සිඳුවීම් සම්බන්ධයෙන් ඉල්ලියාස් ආසියානු සභාපතිවරයාව පෞද්ගලිකව විවේචනය කරමින් දොස් පැවරිම ඔහුගේ රගර් තහනමේ හේතුවය.
කෙසේ වුවත් යළිත් ශ්‍රී ලංකාවේ රගර් සමාජය ඉදිරියේ විදේශිකයන් ක්‍රීඩා කරවීමේ චෝදනාවෙන් ලංකාවට අපකීර්තිය ගෙනා පිරිසට ගෞරවයෙන් සිට ගන්නට ඉඩක් නොතිබිණ.නාමල්ගේ සිට ම එම ගත් උත්සාහය වැළකිණ.එම විරෝධය එන්නේ ශ්‍රී ලංකාවේ රගර්වලට අපකීර්තිය අත් කිරීමේ හානියට පිළිතුරු ලෙසය.

එහෙත් වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා ඒ කිසිවක් මායිම් නොකර එම පරිපාලනයේ සිටි ප්‍රධාන විධායක නිලධාරියා තමන්ගේ ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයාට පත් කර ගන්නේය.වරක් තම අමාත්‍යංශ ලේකම් එහි සභාපතිව ශ්‍රී ලංකාවේ රගර් පරිපාලනයට ප්‍රධානියා ලෙස පත් කරන්නට ලිපියක් නිකුත් කළ ද,මාධ්‍යය විසින් එය දුර තියා වාර්තා කිරීම නිසා සිඳු නොවිණ.

හැබැයි නාමල්ට නොහැකි වුව ද වත්මන් ක්‍රීඩා ඇමතිට ශ්‍රී ලංකාවේ රගර් සමාජය මත නැවත ලංකාව අපකීර්තියට යටත් කළ පරිපාලනයේ සභාපතිවරයා මෙන්ම විධායක නිලධාරියා ද ප්‍රභූන් ලෙස අසුන් ගන්වා පිළිගන්නට හැකියාවක් තිබිණ.එය කිසියම් අයෙකුට ලැජ්ජා නැතිකමක් ලෙස දැනෙන්නට හැකිය.එහෙත් ඔහු මාධ්‍යකරුවන් කැඳවා කියූ පරිදිම මාධය පෙන්වා දෙන වැරදි නොසළකා තමන්ට ඕනි දේ කිරීමේ උවමනාවේ උද්ධච්ඡකමය.

එසේ ගෙන්වා අපකීර්තියේ හිමිකරුවන් සමඟ එක පෙළට අසුන් ගන්නටත්,එකම වේදිකාවක අදහස් දක්වන්නටත් ලැජ්ජා නැති හයියක් තිබිණ.හුඟ දෙනෙක් නාමල් බේබිලාගේ රගර් ගැන පවුම් 50000 දඩ ගැන මේ ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවේ කතා කරද්දී ඊට සම්බන්ධ අයට දුවන්න පහර දෙනු ඇතැයි සිතුවානම් එය ඉවත් කර ගැනීම වැදගත්ය.එපමණක් නොව දියගම ක්‍රීඩාංගණ සංචාරයේදී ද මේ රගර් සිඳුවීමට සම්බන්ධ අයගේ නම් මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පදනමේ ඇති බව සහ එහි සිඳු වී ඇති වංචාවන්ද සමඟ කීවේය.
ඒ කිසිවක් ඇත්ත නොවේය.මෙහි ඇත්තේ ඒ චොදනා කරපු,වරදක් වූ බව ලෝකය ඉදිරියේ ඔප්පු වී එහි අලාභය රටේ රගර් පිට පටවා තමන්ගේ වරදට රගර්වලට දඩුවම් විඳින්න සැළස්සූ මිනිස්සු සමඟ ක්‍රීඩා ඇමතිවරයා ඔවුන්ව ප්‍රභූන් ලෙස සළකමින් එක සභාවේ අසුන් ගෙන නොසිටීමෙන් නොනැවතී එකම වේදිකාවේ කතා පවත්වන අයුරුය.නාමල් රාජපක්ෂලාගේ උවමනාවන් ඊට වඩා හොඳන් ඉටු කරන හෝ මලික් සමරවික්‍රමලාගේ රගර් උවමනාවන් ඉටු කරන රජයක් හෝ ඇමතිවරයෙක් මාලිමාවට ඡන්දය දුන් අය බලාපොරොත්තු වුණේ නැත්නම් ආණ්ඩුවේ කාට හෝ මේ ගැන කතා කළ හැකිය.එහෙත් සුගත් තිලකරත්නලාටද එවැනි බලයක් හෝ හැකියාවක් නැති අමාත්‍යංශයේ පුටුවක් මේසයක් පමණක් බව පැහැදිළි වෙමින් ඇත.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ක්‍රීඩා ඇමති ලෙස සුනිල් කුමාර ගමගේ පත් කර බලාපොරොත්තු වූයේ තමන් දන්නා හඳුනන අය සිටින ක්‍රීඩා ඔවුන්ට අවශ්‍යය පරිදි හසුරුවන්න යැයි කීම ද අපි නොදනිමු.හැබැයි ඕනෑම වරදකරුවෙකුට වගකීම් පවරා ඔවුන්ව ප්‍රභූත්වයෙන් පිළිගෙන වඩාත් නිවැරදි මිනිසා ලෙස පෙනී සිටින්නට සුනිල් කුමාර ගමගේට ඇති හැකියාවනම් විශ්මිතය.මාර ආඩම්බරෙන් කතා කරන්නට සහ වරදකරුවන් වට කොට සිටිමින් නිවැරදිම දේ කරන බව කියන්නට හැකි කෙනෙකු පොහොට්ටුවේ හෝ සිටියාදැයි සිතිය නොහැකිය.ඒ තරම් රංගනය තාත්විකය.ඔහු ප්‍රසිද්ධියේ මාධ්‍යකරුවන්ට බොරු ලිව්වත් කමක් නැහැ කියන්නේ මේ ලියන ඇත්ත ඒ කතාව ප්‍රසිද්ධ වූ පසු බොරු ලෙස හැඟෙයි යැයි සිතා විය හැකිය.එහෙත් ඇත්තටම නාමල්ටත් සමාජය ඉදිරියට රගර් සිඳවීම නිසා රටට කළ අපකීර්තිය හේතුවෙන් ප්‍රභූන් ලෙස ගෙන එන්නට නොහැකි වූ පිරිස සමඟ එකම තැනෙක එකට ඉද එකට අදහස් දක්වන්නට පීඩිත ජනතාවගේ බහුතර ඡන්දයෙන් පත් වූ ආණ්ඩුවේ ක්‍රිඩා ඇමතිවරයා සමත් වී ඇත.

ඔහු මේ දවස්වල උත්සාහ කරමින් සිටින්නේ ගම් නියම්ගම් හී සිටින ක්‍රීඩා හැකියාවන් ඇති අයගේ දෙපතුළ ළඟට රගර් යාම වළක්වමින් එය ප්‍රභූන්ගේ ක්‍රීඩා සමාජවල බහුතර කැමත්තට යටත් කර දෙන්නය.අනුර කුමාර දිසානායකගේ තඹුත්තේගම තනි සිග්නල් කණුවේ ද ක්‍රීඩා අමාත්‍යවරයා ගමේ රගර් දියුණුවට පත්තු කරන රතු එළියම දැල් වී ඇත.ඒ නිසා නාමල්ලාට,මලික් සමරවික්‍රමලාට තමන්ගේ පංතියට බලය එන අයිතිය සාක්ෂාත් වෙන රගර් ක්‍රීඩාවක් නිර්මාණය කිරීමේ වගකීම මේ වන විට නාමල් රාජපක්ෂට ක්‍රීඩා අමාත්‍යවරයා වී කරන්නට බැරි වුව ද සුනිල් කුමාර ගමගේට කළ හැකි බව පෙන්වමින් සිටින බව අපි කියමු.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here