පොහොට්ටු පක්ෂයේ මීළඟ බලවතා ලෙසින් ක්‍රියා කරමින් සිටි නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පරපුරේ නිජබිම වන මැදමූලන ජනතාව ඔවුන්ට තීරණාත්මක පරාජයක් අත්පත් කර දී තිබේ.
වීරකැටිය ප්‍රාදේශීය සභාවට අයත් මැදමූලන කොට්ඨාසය සඳහා පොහොට්ටු පක්ෂයෙන් ඉදිරිපත් කර සිටි අපේක්ෂකයා අන්ත පරාජයකට පත් කරමින් ජාතික ජන බලවේගය ජයග්‍රහණය අත්පත් කර ගෙන තිබේ. රාජපක්ෂලාගේ බලකොටුවෙන් ඔවුන්ට ඡන්ද 768ක් ලැබී ඇති අතර ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට ඡන්ද 1,115ක් ලැබී තිබේ.
රට පුරා විසිරී සිටින රාජපක්ෂ ත්‍රාඩ කල්ලියේ නියෝජිතයන් ගෙන ගිය පාදඩ දේශපාලන උපක්‍රම මැදමූලනේ දී ම පරාජයට පත් කර තිබීම විශේෂත්වයකි.
Saru FM Media