නාඩු බත්වලින් එළවලුත් නැතුව රසම රස ෆ්‍රයිඩ් රයිස් එකක් හදමු 

0
15


මේ දවස්වල ආර්ථික තත්ත්වය ඇත්තට ම හරි ම අපහසුයි. ඉතින් කෑමක් හදනකොට ඒ ඔක්කොම දේවල් එක්ක නිසි පිළිවෙලට හදනවා කියන එක ගොඩක් වෙලාවට කරන්න බැහැ. ඒත් එහෙමයි කියලා රසට නොකා ඉන්නත් පුලුවන් ද? ඉතාම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් රසම රස ෆ්‍රයිඩ් රයිස් එකක් අපි අරන් ආවෙ ඒකයි. 

අවශ්‍ය ද්‍රව්‍ය 

උයාගත් නාඩු බත් කෝප්ප දෙකක්

තලාගත් ඉඟුරු සුදුලූනු මේස හැන්දක්

සිහින්ව ලියාගත් බීලූණු ගෙඩියක්

කරපිංචා සහ රම්පෙ

අවශ්‍ය පමණට ලුණු

සීනි තේ හැන්දක්

සෝයාසෝස් මේස හැන්දක්

ගම්මිරිස් තේ හැන්දක්

මිරිස් කුඩු තේ හැඳි බාගයක්

බිත්තරයක්

අමු තුනපහ තේ හැඳි බාගයක්

තෙල් මේස හැඳි දෙකක්

හදන්නේ මෙහෙමයි

තෙල් මේස හැඳි දෙක ලිප තබා රත් කරන්න. නටන විට ඉඟුරු සුදුලූණු පේස්ට් එක සහ කපාගත් බීලූණු ගෙඩිය එකතු කර බැදගන්න. යන්තම් රන්වන් පාට වන විට කරපිංචා සහ රම්පේ එක් කරන්න. දැන් මිරිස්, ගම්මිරිස්, ලුණු, සීනි, සෝයා සෝස් එක් කරන්න. ඉන්පසු ඒවා තාච්චියේ කෙළවරකට කොට බිත්තරය ස්ක්‍රැම්බල් කරගන්න. සියල්ල හොඳින් කලවම් කරගන්න. දැන් බත් ටික එක් කර බත් වලින් දුම් දමන තෙක් ගින්දර වැඩි කර මිශ්‍ර කරමින් පිස ගන්න. 

මස් මාලු මොනවත් නැති දවසට හරි ම ලේසියෙන් රසම රසට හදාගෙන කන්න. උණු පරිප්පු හොද්දක් එක්කත් නියමයි. එහෙම නැත්නම් තියෙන මොනවම හරි හොද්දක් එක්ක කාල බලන්න. හරි ම රසයි. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here