නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ පසුගිය කාලවලදී පරිහරණය කළ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ විකිණීමට කටයුතු කරනු ලැබීය.
මෙම වාහන සංඛ්‍යාව 20ක් වන අතර ටොයෝටා ලෑන්කෘෂර් (V8) වර්ගයේ වාහන 03ක්ද අවුඩි A-6 වර්ගයේ රථ 2ක්ද, ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි – 4 වර්ගයේ රථ 02ක්ද ඇත. රජය විසින් ගන්නා ලද එන්ජින් ධාරිතාව 1,800ට වැඩි පෙට්‍රල් වාහන හා එන්ජින් ධාරිතාව 2,300ට වැඩි ඩීසල් වාහන නඩත්තු කිරීම අනවශ්‍ය වියදමක් නිසා එම නියාමනය යටතේ මෙම වාහන වෙන්දේසියේ විකිණීමට අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
මෙම වාහන නිෂ්පාදනය කර ඇත්තේ 2011 වසරේ වන අතර අමාත්‍යාංශය මිලදී ගෙන ඇත්තේ එම වසරේදීමය. ඩිස්කවරි වාහන දෙක මිලදී ගෙන ඇත්තේද 2015 වසරේදීය.
එම කාලවලදී අමාත්‍යාංශය භාරව සිටි අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු හා උසස් නිලධාරීන් මෙම රථ පරිහරණය කර තිබේ. මෙම වාහන මිලදී ගැනීමට විශාල මහජන මුදලක් වැය කර පරිහරණය කිරීමේදීද විශාල මුදලක් වැය කිරීම නිසා අමාත්‍යාංශයට සිදු වී ඇති පාඩුව අති විශාලය. තවද එම වාහන පරිහරණය කර ඇත්තේද ඉතා අපරික්‍ෂාකාරී ලෙසය.
අයදුම්කරුවන් 87 දෙනෙකු ඉදිරිපත් කර තිබූ මිල ගණන් අනුව අමාත්‍යාංශ නියමයන්ට යටත්ව වාහන 15ක් විකුණා තිබේ. එම වාහනවලින් අමාත්‍යාංශය ලබන ආදායම රුපියල් මිලියන 242.4කි.
Saru FM Media