අද (26) සිට එළඹෙන දෙසැම්බර් මාසය දක්වා , ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්නම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට , ඒ මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම මගී යාත්‍රා සේවය තාවකාලිකව නවතා දමා තිබේ .
ශ්‍රී ලංකාවේ සිට සහ ඉන්දියාවේ සිට සංචාරකයින්, ව්‍යාපාරිකයින් සහ විදේශිකයින් ඇතුළු විශාල පිරිසක් දිනපතා මෙම නෞකාව ඔස්සේ ඉන්දියාවේ නාගපට්නම් දක්වා ගමන් කරති .
Saru FM Media











