න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් ඇමෙරිකාව හා ඉරානය අතර පළමු වටයේ සාකච්ඡා ඊයේ පැවැත්වුණා.
ඕමානයේ දී පැවති සාකච්ඡා සඳහා දෙරටේ ඉහළ පෙලේ නියෝජිතයින් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡාවක් පැවැත්වුණේ 2018 වසරෙන් පසු පළමු වරටයි.
පැය තුනකට ආසන්න කාලයක් පුරා පැවති සාකච්ඡා ඵලදායී අතර ඉදිරි සතියේ දී දෙවන වටයේ සාකච්ඡා පැවැත්වීමට හැකි බව දෙරටේම නියෝජිතයින් මාධ්‍යයට සඳහන් කර තිබෙනවා.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් අමෙරිකාව හා ලෝක බලවතුන් සමග පැවති සාකච්ඡාවලින් ඉවත් වීමට 2018 වසරේ දී ඇමෙරිකාව පියවර ගත්තා.
Saru FM Media