නව විභාග කොමසාරිස් ජනරාල්වරියක් පත් කෙරේ

0
5


නව විභාග කොමසාරිස් ජනරාල් ලෙස ඒ.කේ. සුභාෂිණී ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන ඇය නව තනතුරට පත්වන තෙක් සේවය කළේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් තනතුරකයි.

මේ දක්වා විභාග කොමසාරිස් ජනරාල් තනතුරේ සේවය කළ අමිත් ජයසුන්දර මහතාගේ සේවා කාලය පසුගිය 06 වනදායින් අවසන් වීම හේතුවෙන් එම තනතුරේ  ඇති වූ පුරප්පාඩුව සඳහා මෙම නව පත් කිරීම සිදුකර තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here