මං මේක කරන්නේ මෙන්න මෙහෙමයි .කොළයක් පෑනක් අරං හරි නෝට්පෑඩ් එකේ හරි ලබන අවුරුද්දේ ඔබට අත්පත් කර ගත යුතු ජයග්‍රහණ සියල්ලම ලියා ගන්න.දැන් එකින් එක පිළිවෙලට ඒවා වර්ග කර ගන්න .නිම කරන කාලය පිළිබඳ සටහනක් දමා ගන්න .ඒ විතරක් නෙවෙයි ඔබට නිතර පෙනෙන තැනකින් ඒවා තබා ගන්නත් අමතක කරන්න එපා .
උදාහරණයක් විදිහට සම්බන්ධතා ,පවුල,සෞඛ්‍ය, ආර්ථිකය ආධ්‍යාත්මික පැත්ත මේ සියල්ල ආවරණය වන ලෙස ඉලක්ක තෝරා ගන්නට අමතක කරන්න එපා.
සාමාන්‍යයෙන් මේවා වසරක් තුළ අත්පත් කර ගත නොහැකි ඒවා නමුත් වසරක් තුළ ඒ වෙනුවෙන් ඔබට කළ හැකි වැඩ කටයුතු රාශියක් තියෙනවා ඒ නිසා ඔබේ ඉලක්ක අතර මේ ඉලක්ක අනිවාරයෙන් හඳුනා ගත යුතුයි .එම ඉලක්කය වෙත ළඟාවීම සඳහා ලබන වසරේ ඔබ කළ යුතු කාර්යයන් සියල්ල පිළිවෙලින් සැලසුම් කර ගන්න.
මේ ඉලක්ක එකින් එක අත්පත් කරගත් පසු ඔබ ඔබට ලබා දෙන ත්‍යාග පවා සැලසුම් කරන්න . ඒවා ඒ සඳහා ඔබ කැමතිම දේවල් තෝරා ගන්නට අමතක කරන්න එපා.
ඔබේ පවුලේ අය ඔබේ සැලසුම් ගැන කිසි ම දෙයක් නොදන්නවා නම් මේ ඉලක්ක වෙත ළඟා වීම ඔබට තරමක් අසීරු වෙන්නට පුළුවන් .ඒ නිසා ඔබේ සමීපතමයන්ගෙන් ඒ සඳහා දිරි ගැන්වීම් ලබා ගන්න.එය එසේ සිදු වන්නේ නැත්නම් ඒ ගැන කලබල විය යුතු නැහැ.ඔබේ ගමන ඔබට යා හැකියි
Saru FM Media