නව තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

0
2

මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ. 

ඒ අනුව 

01- කොළඹ සිටින කියුබානු ජනරජයේ නව තානාපති ලෙස Patricia Lázara Pego Guerra මහත්මියත්,
02- කොළඹ සිටින කටාර් රාජ්‍යයේ නව තානාපති ලෙස  Hamad Mohammed Abdullah Al – Sanad Al – Dosari මහතාත්
03- නවදිල්ලියේ සිටින ස්ලොවේනියා ජනරජයේ තානාපති ලෙස Tomaž Mencin මහතාත් පත්ව සිටි.

අක්තපත්‍ර පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා නව තානාපතිවරු සමඟ සුහද කතා බහකද නිරත විය.විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරු මේ අවස්ථාවට සහභාගි වූහ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here