පුනර්ජනනීය බලශක්ති විභවතාව ඉතා ඉහළින් ඇති දිවයිනේ නැගෙනහිරි ප්‍රදේශවල බලශක්ති සම්ප්‍රේෂණ පද්ධතිය වර්ධනය කර ශක්තිමත් කිරීම තුලින් ජාතික විදුලිබල පද්ධතියේ විශ්වාසනීයත්වය හා ස්ථායිතාව වර්ධනය කිරීම පිණිස නව ග්‍රිඩ් උපපොළක් සාම්පූර් ප්‍රදේශයේ ඉදිකිරීමට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතින් මුල්ගල තැබිණි.
නැගෙනහිර පළාතේ නිෂ්පාදනය වන පුනර්ජනනීය බලශක්තිය ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කරගැනීමේ කේන්ද්‍රස්ථානයක් ලෙසද නැගෙනහිර පළාත පුරා විදුලිබල සැපයුම ඉහල නැංවීමට මෙන්ම පළාතේ කර්මාන්ත හා නිවාස සදහා අවශ්‍යය විදුලිබලය අඛණ්ඩව හා විශ්වාසනීය ලෙස ලබාදීම සහතික කිරීමටත් මෙම ග්‍රිඩ් උපපොළ පිහිටුවීම ඉතා වැදගත් වන අතර ඊළග පියවරේදී ඉදිවන කිලෝවෙට් 220ක සාම්පූර් හා කප්පල්තුරෛ සම්ප්‍රේෂණ මාර්ගයක් මෙන්ම කප්පල්තුරෛ සිට හබරණ දක්වා ඉදිවන කිලෝමීටර් 77ක සම්ප්‍රේෂණ මාර්ගයකින්ද සමන්විත වේ.
Saru FM Media