නව ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත පාර්ලිමේන්තුවට

0
7

මේවන විට සකස් කර ඇති නව ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසුව එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද නව පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

ශ්‍රී ලංකාව තුළ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය සඳහා පුළුල් නියාමන රාමුවක් ස්ථාපිත කිරීම උදෙසා 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනතේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත හඳුන්වා දීම් පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, සකස් කරන ලද පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව එම පනත් කෙටුම්පතට එරෙහිව විවිධ පාර්ශ්වයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් 07ක් ගොනු කර ඇත.

එම පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති තීරණය හා පාර්ලිමේන්තුවේ ‘ආර්ථික අර්බුදය බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව’ විසින් ලබාදෙන ලද මඟ පෙන්වීමද සැලකිල්ලට ගනිමින් නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධානය යොමු කර තිබේ. ඒ අනුව නව ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත හඳුන්වාදීම සඳහා 2025.08.11 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here