කොළඹ සිවිල් අභියාචන මහාධිකරණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කර තිබේ.
අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතාගේ උපදෙස් පරිදි නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණය ස්ථාපිත කර ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය සඳහන් කළේය.
එහි කටයුතු අද සිට ක්‍රියාත්මක වන අතර එහි මහාධිකරණ විනිසුරුවරුන් ලෙස අගවිනිසුරුවරයා විසින් මහාධිකරණ විනිසුරු හසිත සමන් පොන්නම්පෙරුම සහ මහාධිකරණ විනිසුරු චින්තක ශ්‍රීනාත් ගුණසේකර යන මහත්වරුන් පත් කර තිබේ.
Saru FM Media