නවසීලන්ත කතකට අතවර කිරීමට තැත් කළ අය තිරුක්කෝවිල් හිදී අත්අඩංගුවට

0
8

විදේශීය සංචාරක කාන්තාවකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි පුද්ගලයා ඊයේ (16 දා) තිරුක්කෝවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
හේමන්ත රන්දුණු

ආරුගම්බේදී මුහුණ දුන් අශෝභන වැඩේ ගැන විදෙස් කත නවසීලන්තයට ගොස් පැමිණිලි කරයි

පොලිසියෙන් පුළුල් පරීක්ෂණයක්

ආරුගම්බේ ප්‍රදේශයේදී නවසීලන්ත ජාතික කාන්තාවකට තම නිරුවත පෙන්වා අශෝභන අයුරින් හැසිරුණු පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොතුවිල් පොලිසිය පුළුල් පරික්ෂණයක් අරඹා තිබේ.

එම විදේශීය ජාතික කාන්තාව එම සිද්ධිය වීඩියෝගත කර සමාජ මාධ්‍යයට ද මුදාහැර තිබේ.

එම අශෝභන ක්‍රියාව සිදුකළ බවට සැකකෙරෙන පුද්ගලයාගේ ඡායාරූපයක් ද මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත්කර ඇති අතර, එම සැකකරු හඳුනා ගැනීමට මහජන සහාය පතන බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

එම විදේශීය ජාතික කාන්තාව ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරයක නිරතවන අවස්ථාවේ අදාළ සැකකරු ඇය අසලට විත් ඔහුගේ රහස් ප්‍රදේශය ඇයට පෙන්වා අශෝභන ලෙස හැසිරුණු බවට ඇය විසින් පොලිසියට ප්‍රකාශ කර තිබේ.

මෙම සිදුවීම පසුගිය 25 වැනිදා සිදුවූ බවත්, එම සිද්ධියෙන් තමන් දැඩි අපහසුතාවට පත්වූ බවත් ඇය පොලිසියට පවසා ඇත.

සැකකරු පිළිබඳව තොරතුරු වෙතොත් 0632 – 248022 හරහා පොතුවිල් පොලිසියට හෝ 0718 – 591168 අංකය හරහා පොතුවිල් පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඉල්ලා සිටියි.

මෙම නවසීලන්ත ජාතික කාන්තාව අදාළ සිදුවීමට මුහුණපා ඇත්තේ 25 වැනිදා වුවත් ඇය පැමිණිල්ල කර ඇත්තේ පසුගිය 10 වැනිදා විදෙස් ගතවූ පසුව බවත් පොලිසිය කියයි.

එම නවසීලන්ත ජාතික කාන්තාව අදාළ සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර ඇතැයි ද පොලිසිය පවසයි.

මේ පිළිබඳව පොතුවිල් පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිල්වා මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here