නවසීලන්තය ආසන්නයේ ප්‍රභල භූකම්පනයක්

0
9


නවසීලන්තයට ආසන්න දූපතක් ආශ්‍රිතව ප්‍රභල භූකම්පනයක් සිදුව තිබෙනවා.

එහි ප්‍රභලත්වය රිච්ටර් මාපකයේ ඒකක 6යි දශම 7ක්.

භූකම්පනයෙන් පසු නවසීලන්තයේ වෙරළබඩ කලාපයට අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා.

ඒ, වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන ජනතාවට වෙරළ තීරයෙන් ඉවත් වන ලෙස දන්වමින්. 

භූමිකම්පාවේ ප්‍රභලත්වය දහස් ගණනකට දැනී ඇතැයි වාර්තා වන අතර ගොඩනැගිලි ද චලනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නවසීලන්ත මාධ්‍ය වාර්තාවලට අනුව 4,700කට වැඩි පිරිසකට භූමිකම්පාව දැනී ඇතැයි සඳහන්.

නවසීලන්තයේ උප-ඇන්ටාක්ටික් දූපත්වල උතුරු කෙලවරේ පිහිටි ස්නාරස් දූපත්වලට කිලෝමීටර් 160ක් පමණ වයඹ දෙසින් කිලෝමීටර් 33ක් ගැඹුරින් වූ මුහුදු ප්‍රදේශයේ මෙම භූකම්පනය හටගෙන තිබුණා.

කෙසේවෙතත් ඕස්ටේ්‍රලියාවේ ජාතික කාලගුණ කාර්යාංශය පැවසුවේ මෙම භූකම්පනයෙන් සුනාමි තර්ජනයක් නොමැති බවයි.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here