විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ අද (27) පැවැත්වෙන එංගලන්තයට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස්කිරීමට සමත් විය.
පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
නවසීලන්ත ඉනිම ඔසවා තැබූ ග්ලෙන් පිලිප්ස් (39), ටිම් සයිෆර්ට් (35) පිත්තෙන් දක්ෂතා දැක්වූහ.
එංගලන්තය වෙනුවෙන් ආදිල් රශීඩ් (2/28), විල් ජැක්ස් (2/23) හා රෙහාන් අහ්මඩ් (2/28) පන්දුයැවීමෙන් දක්ෂතා දැක්වීය.
නවසීලන්තයට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තබාගැනීමට මෙම තරගයේ ජය සුවිශේෂී වේ.
එමෙන්ම එංගලන්තය දැනටමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති බැවින් ඔවුන්ට ද ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ රැක ගැනීමට මෙම තරගයේ ජය වැදගත් වේ.
Saru News
















