ජනවාරි 31 වැනිදා සිට පෙබරවාරි පළමුවැනිදා දක්වා කොළඹ අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
ඒ, එම දිනවල කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහ පෙරහැර පැවැත්වීම හේතුවෙනි.
එම දිනවල අදාළ ප්‍රදේශය හරහා ගමන් කරන මහජනතාවගෙන් සහ රියැදුරන්ගෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ඉල්ලීමක් කරයි.


Saru News










