ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් එක් දින ප්‍රතිපත්ති අනුපාතය (OPR) 7.75% ක වත්මන් මට්ටමේම පවත්වා ගැනීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ඊයේ (23) දින පැවති රැස්වීමේදී මේ තීරණය ගෙන ඇත.
දේශීය හා ගෝලීය වර්ධනයන් හොඳින් සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹුණු බවත් වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය උද්ධමනය සියයට 5 ක ඉලක්කයක් කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි යන්න මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස බවත් මහ බැකුව කියයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Saru FM Media