නවගමුව පොලිස් වසම පසුකරන රියදුරන්ට දැනුම්දීමක්

0
5

නවගමුව පොලිස් වසමේ බෝමිරිය ශ්‍රී විද්‍යාලෝක පිරිවෙන් මහා විහාරස්ථානයේ සර්වඥ ධාතු පෙරහර මංගල්‍ය පසුගිය 21 වනදා සිට හෙට (25) දිනය දක්වා පැවැත්වේ.

ඒ අනුව දිනයේ දී  රාත්‍රී 07.00 සිට සර්වඥ ධාතු පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතය.

මෙම පෙරහර විහාරස්ථානයෙන් ආරම්භ වී යාකාල හන්දිය හරහා මාර්ග අංක 697 මාර්ගයේ පැමිණ කොරතොට පන්සල අසලින් වැලිහිඳ පාර ඔස්සේ නැවතත් යාකාල හන්දියට හරහා දහම් පාසල් මාවත ඔස්සේ විහාරස්ථානය වෙත ගෙවදීමට නියමිතව ඇත.

මේ හේතුවෙන් එම මාර්ගයන්හී ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට දැනුම් දී ඇත.

විකල්ප මාර්ග

කඩුවෙල වෙලේ හන්දිය දෙස සිට මාර්ග අංක 697 ඔස්සේ අතුරුගිරිය දෙස ගමන් කරනු ලබන වාහන තොරතොට හන්දියෙන් දකුණු දෙසට හරවා එම්.ඩි.එච්. ජයවර්ධන මාවත ඔස්සේ අතුරුගිරිය දක්වා ගමන් කල හැකිය.

මාර්ග අංක 697 ඔස්සේ අතුරුගිරිය දෙස සිට කඩුවෙල දෙසට ගමන් කරන වාහන ඔරුවල හංදියෙන් දකුණට හරවා නවගමුව දක්වාත් සැහැල්ලු වාහන වඳුරාමුල්ල මාර්ගය, සුමනතිස්ස මාවත ඔස්සේ නවගමුව දෙසට ගමන් කර කඩුවෙල හා හංවැල්ල දෙසට ගමන් කල හැකිය.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here