නරේන්ද්‍ර මෝදිගේ සංචාරය වෙනුවෙන් මෙරට ප්‍රධාන මාර්ග වැහෙන්නේ මෙහෙමයි

0
11


අද (04) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ අද පස්වරු 06 සිට රාත්‍රී 10 තෙක් කොළඹ -කටුනායක අධිවේගී මාර්ගය හා බේස්ලයින් මාර්ගය අවස්ථා කිහිපයක දී වසා දැමීමට කටයුතු කරන බවයි.

මෙම කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන තැනැත්තන්ට මෙම මාර්ග වසා තැබීම පිළිබඳ ව අවධානය යොමු කරමින් තමන්ගේ සංචාරය සැලසුම් කරගන්නා ලෙසට ද පොලිසිය දැනුම්දී තිබෙනවා.

හෙට (05) දින ගාලුමුවදොර, නිදහස් චතුරශ්‍රය සහ බත්තරමුල්ල අපේගම පරිශ්‍රය යන ප්‍රදේශයන්හි මාර්ග අවස්ථා කිහිපයක දී වසා තැබීමට කටයුතු කරනු ලබනු ඇති.

මෙම කාලසීමාව තුළ දී රථවාහන තදබදය හා රියදුරන්ට සිදුවන අපහසුතාව අවම කරගැනීම සඳහා රියදුරන් විකල්ප මාර්ග වෙත යොමු කිරීමට රථවාහන නිලධාරින් උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

අනිද්දා (06) දින පෙරවරු 07.30ත් 10.30ත් අතර කාලයේ අනුරාධපුර නගරය, ශ්‍රී මහා බෝධිය සහ දුම්‍ රියපොළ ආශ්‍රිත ව ප්‍රධාන මාර්ග වරින්වර වසා තැබීමට කටයුතු කරනු ඇති.

එදින පූජා භූමිය වෙත පැමිණෙන බැතිමතුන්ට අපහසුතාවකින් තොරව තම කටයුතු සිදු කරගැනීම සඳහා විකල්ප මාර්ග වෙත යොමු කිරීම අවස්ථානුකූලව රථවාහන හසුරුවන නිලධාරීන් විසින් සිදු කරනු ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here