නයිට්‍රජන් සියයට 46ක් ඇති බවට පෙන්වා වැඩි මිලට කළ පොහොර වංචාව

0
3


පොළොන්නරුව සිරිපුර ප්‍රදේශයේ, මහා පරිමාණ ව්‍යාපාරිකයෙකු දීර්ඝ කාලයක සිට නයිට්‍රිජන් 21%ක් පවතින පොහොර ඉතා අඩු මිලට ගෙනවිත්,
46%ක් නයිට්‍රජන් පවතින බවට ව්‍යාජ ලෙස සකසා එම පොහොර බෑග්වලට ඇසුරුම් කර, ගොවීන්ට වැඩි මිලට අලෙවි කරන මධ්‍යස්ථානයක් වටලා, එහි කළමනාකාරවරයෙකු ඇතුළු සේවකයින් 12 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම පොළොන්නරුව කොට්ඨාස විමර්ශන අංශය විසින් සිදු කරන ලද අතර එහිදී කලවම් කරන ලද පොහොර මිටි 1000කට ආසන්න සංඛ්‍යාවක්, මෙන් ම පොහොර පටවා තිබූ ලොරි හතරක් සහ තවත් උපකරණ තොගයක් අද (14) පෙරවරුවේ අත් අඩංගුවට ගැනුණු බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම ජාවාරම් සිදු කරන ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, එම පොහොර මිශ්‍ර කරමින් සිටි සේවකයින් 11 දෙනකු ද මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව වාර්තා වනවා.

සැකකරුවන් ඇඹිලිපිටිය සහ මඩකලපුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් අද පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here