ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව ආසන්නයේ පෙරේදා රාත්‍රී සිදුවූ මාරක බස් අනතුරින් මරුමුවට පත්වූ පුද්ගලයින් 15 දෙනාගේ මෘත දේහයන් ඔවුන්ගේ ඥාතීන් විසින් ඊයේ
(05 වැනිදා) හඳුනාගත් බව ඇල්ල පොලිසියේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවැසීය.
දියතලාව රෝහලේ තැන්පත් කර තිබූ මෙම මෘත දේහයන් 8කට අදාළ මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය බණ්ඩාරවෙල වැඩබලන මහෙස්ත්‍රාත් සෙනෙවිරත්න වීරසිංහ මහතා විසින් පවත්වනු ලැබීය.
මියගිය අයගේ මෘත දේහ හඳුනාගන්නා අවස්ථාවේ එම ඥාතීහු විලාප නගමින් හඬා වැලපෙන්නට වූහ.
දියතලාව රෝහලේ තැන්පත් කර තිබූ මෘත දේහයන්වලට අදාළ නම් මෙසේය. මොවුන් සියලු දෙනා තංගල්ල නගර සභා සේවකයින් වේ.
වර්ණකුලසූරිය පටබැඳිගේ මදුෂා අනුරාධිනී (42), දිනුෂිකා ලක්මිණි ජයවීර (32), නිහාල් රංජිත් වීරසිංහ (54), අබේධීර ගුණරත්න පටබැඳිගේ නිලූෂා ශ්‍රීමාලි (39), තෙවරා හැන්නැදිගේ චිරාන් දිමන්ත (27), ශානිකා අනුරාධා මතඟවීර (42), මද්දුම පටබැඳිගේ නාමල් රාවත්ත (45), ජයනි ජීවන්තිකා (34) යන අයවේ.
අනතුරින් මියගිය අනෙක් 7 දෙනාගේ මෘතදේහයන් තැන්පත් කර තිබුණේ බදුල්ල මහ රෝහලේය. එම මෘත දේහයන්වලට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතව තිබිණි.
මේ පිළිබඳව ඇල්ල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පාලිත මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
බදුල්ල රෝහලේ තැන්පත් කර ඇති මළ සිරුරු පහත සඳහන් අයගේය.
රූපසේන (50), ලක්මිණී තුෂාරි (45) තරිඳු උදාර හේවාගම (38), මින්සදි ප්‍රෙතිස්මා මතඟවීර (12), සුගත් ඉන්දික (29), තේජාන් (14)
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, නයනානන්ද බුවනෙක – හපුතලේ සහ එච්.එම්. සමරකෝන් බණ්ඩා – බදුල්ල, ධර්මසේන වැලිපිටිය
Saru FM Media