නමට නොගැලපෙන අධාර්මික වැඩක්

0
2

නිශ්මං රණසිංහ පෙබරවාරි 28, කොළඹ LNW:

ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධව සිටියත්,එයින් ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රජාවගේ කැමත්ත ආරක්ෂා කර ගැනීමට අපාහොසත් වූ නමින් ධර්මස්වරූපයක් ගන්නා අයෙකු ලෝක කුසලානය අතරතුර ජනතාව උසී ගන්වා වත්මන් ක්‍රිකට් පරිපාලනයට බලපෑම් කිරීමේ උත්සාහයක නිරතවෙන බවට තොරතුරු වාර්තා වෙනවා.මාර්තු පළමුවෙනිදා ඒ සඳහා විවිධ පුද්ගලයන් හරහා පිරිස් කැඳවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලපෑම් කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වී තිබෙනවා.

මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අදාළව ලෝක කුසලාන තරග සම්බන්ධයෙන් වැඩ කටයුතුත් ශ්‍රී ලංකා ක්‍රිකට් හී සිඳුවෙමින් පවතින අතර,ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අති දක්ෂයන් නිර්මාණය කළ පාසල් දෙකක් වන ආනන්ද – නාලන්ද මහා ක්‍රිකට් තරගයේ අවසාන දිනයද මාර්තු පළමු වන දාට යෙදී තිබියදී මේ උද්ඝෝෂණය සූදානම් කිරීමෙන් සමාජ සාමයට බාධා ඇති වීම මෙන්ම, රටේ ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් වීම සිඳුවීමට ඉඩ තිබෙනවා.

මහා තරගය පැවත්වෙන බැවින් විශාල පිරිසක් මෙහි ගැවසෙන අතර එයත් උපක්‍රමිකව සෙනඟ පෙන්වීමට යොදා ගැනීමට හැකි බව සැළසුම්කරුවන්ගේ අදහස වී තිබෙනවා.එහෙත් මහා තරග වාතාවරණයක වෙනස් මත දරන අය ද සිටිය හැකි අතර එය උපයෝගී කරගෙන ගැටුම්කාරී තත්ත්වයකට ගොස් එම වරද ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට පැටවීම ද මෙම එකතු වීමේ අපේක්ෂාවක් විය හැකිව තිබෙනවා.උද්ඝෝෂණකරුවන් හරහා ගැටුම්කාරී තත්ත්වයකට යා හැකි ප්‍රකාශ මතු කර ගැනීමට හැකි අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ද තරගය පැවත්වෙන දෙවිදුහලට අයත් ආදි ශිෂ්‍යයෙක් වීම පාදක කරගෙන යම් ගැටුම්කාරි තත්ත්වයක් ඇති වුවහොත් එය පරිපාලනයට ඒ හරහා පැටවීමට උත්සාහ කිරීම ද,මාර්තු 1 වන දා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පිරිස් කැඳවීමේ අභිප්‍රාය විය හැකියි.

විශේෂයෙන් කලහකාරි තත්ත්වයක් ඇති වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් ද එහි සිටින නිසා විරෝධතා කරුවන් හරහා අයිසීසි යට පරිපාලනය සම්බන්ධයෙන් ඇති විරෝධය පෙන්වීම සැළසුම්කරුවන්ගේ අදහස වන්නට හැකියි.රටක් හැටියට ශ්‍රී ලංකා ක්‍රිකට්වලට එහා ගිය වගකීමක් ශ්‍රී ලංකා රජයට ඇති බැවින් විරෝධයට නොඑන විශාල පිරිසක් ද රැස්ව සිටින මොහොතක විරෝධයක් සැළසුම් කර ගැටුමක් ඇති වුවහොත් ආරක්ෂක අංශවලට රටේ කීර්තිනාමය රැක ගැනීමට දැඩි පියවර ගන්නට වීම නොවැළක්විය හැකියි.ඒ විදේශික ජීවිත සහ විදේශිය දේපළ රැක ගැනීම හරහා රටට අත්විය හැකි අපකීර්තිය වැළක්වීමට අවශ්‍යය නිසයි.

සමහර විට මෙවැනි නොසන්සුන්කාරී වාතාවරණයක් තිබෙන තැනෙකට එය නොසළකා හැර මිනිසුන් කැඳවීම ගැටළුකාරී තත්ත්වයන් උත්සන්න කර අයිසීසී ය මේ පරිපාලනය සම්බන්ධයෙන් කළකිරවීම විය හැකි වුවත්,මෙය සමහර විට මිනිස් ජීවිත තමන්ගේ අභිප්‍රායන් වෙනුවෙන් බිලි දීමේ ව්‍යාපෘතියක් ද විය හැකියි.එවැනි තත්ත්වයක මේ වන විට කළාපයේ සියල්ලන්ගේම හිතවතා විදිහට මිත්‍රත්වයේ දෑත ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දිගුව තිබෙන මොහොතක සහ රාජ්‍ය තාන්ත්‍රිකවද ජනාධිපතිවරයාත් මැදිහත්ව පකිස්තාන – ඉන්දීය තරගය පැවත්වීමට අවශ්‍යය මිත්‍රශීලි පරිසරය සැකසීම ආදියෙන් අත් කර ගත් කීර්තිය අළු දූවිල් බවට මේ හරහා පත් විය හැකියි.

මේ සැළසුම අවසානයේ දේශපාලන සබඳතාවයක් සකසා ගෙන බලය ලබා ගැනීමේ උවමනාව ඉටු නොවුණොත් ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ශ්‍රී ලංකාව ගෙන ගොස් එයට හේතුව ලෙස වක්මන් පරිපාලනය චෝදනාවලට ඉලක්ක කිරිම විය හැකියි.එහෙත් මේ මොහොතේ තරග ජය පමණක් ක්‍රීඩාවේ ජයග්‍රහණ ලෙස සළකන්නට මිනිසුන් හුරු කර,ක්‍රීඩාවට අදාළව වන සංස්කෘතික මිනිසා නිර්මාණය කිරීමේ අවකාශය වසා දමා නැගී සිටින අය මේ තරගාවලිය පුරාම ක්‍රිකට් හාරහා රාජ්‍යතාන්ත්‍රිකවත්,ක්‍රීඩාමය වශයෙනුත් ශ්‍රී ලංකාවට ලැබණු ජයග්‍රහණ නොසළකා හැර තිබෙනවා.

මේ මොහොත වන විට මැද පෙරදිගද යුද බියෙන් ඇළලී යන තත්ත්වයක් තුළ ලෝක කුසලාන තරගාවලිය අවසානයේ පැවත්වෙන ඇෆ්ගනිස්තානය සමඟ වන ක්‍රිකට් තරගාවලියත් ශ්‍රී ලංකාවට ලැබීමේ ඉඩකඩ පැහැදිළිවෙමින් තිබෙනවා.මෙවැනි ජාත්‍යන්තර පිළිගැනීමේ ඉඩකඩ වසා අයිසීසී ය ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමකට ලක්වන තත්ත්වයක් ඇති කළහොත්,එයට බල අධිකාරය ලබැ ගැනීමේ අරමුණෙන් රැස් වන්නට බල කරන අයට මෙන්ම,දුර දිග නොබලා ඒ පසුපස ගිය අයටත් රටට ආර්ථික වශයෙන් වන විශාල ලාභයක් අහිමි කිරීම හේතුවෙන් අත් විඳින්නට විය හැකි ආර්ථික සහ සමාජීය ගැටළුවලට ද වගකියන්නට සිඳුවෙනවා.

The post නමට නොගැලපෙන අධාර්මික වැඩක් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here