නත්තල් මේසෙට “ටොමැටෝ ෆිෂ් බෝල්ස්”

0
11


නත්තලට නිවෙසට පැමිණෙන  අමුත්තන් ආදරයෙන් පිළිගෙන ඔවුන්ට සංග්‍රහ කිරීමට ඔබ ඉතාමත් කැමති බව අප දන්නවා.ඉතින් ඔබේ ඒ කාර්යය පහසුකරමින්  රසවත් කෑම වට්ටෝරු රැසක් ඔබට ගෙන එන්නට අප සූදානම්…..

අවශ්‍ය දේවල්

  • මාළු ග්‍රෑම් 400 ,
  • බිත්තර සුදු මද දෙකක්
  • සුදු ගම්මිරිස් කුඩු තේ හැදි එකහමාරක්
  • ගා ගත් කැරට් ග්‍රෑම් 50ක්
  • සිහින්ව කපාගත් ලූනු ළූණු කොළ මේස හැදි දෙකක්
  • කෝන්ෆ්ලා මේස හැදි දෙකක්
  • එළවළු තෙල් මේස හැඳි දෙකක්
  • ලුණු කුඩු රස අනුව
  • කුඩාවට කපාගත් ලොකු ලූණු ගෙඩි එකක්
  • කුඩාවට කපාගත් තක්කාලි ග්‍රෑම් තුන්සීයක්
  • තක්කාලි සෝස් මේස හැඳි එකක්
  • සුදු විනාකිරි තේ හැඳි එකක්
  • රතු සීනි ග්‍රෑම් 25ක්,
  • බැසිල් කොළ කීපයක්

සාදන ක්‍රමය.

මාලු වල සම සහ  කටු ඉවත් කර එය ෆුඩ් ප්‍රොසෙසරයක ආධාරයෙන් අමුවෙන් අඹරා එයට බිත්තර සුදුමද එකතු කරන්න .ලුණු ලුණු කුඩු, ගම්මිරිස් කුඩු ගා ගත් කැරට් සහ කපාගත් ළූණු කොළ කැබලි දමා හොඳින් කලවම් කරන්න.මෙයින් මේස හැඳි එකක ප්‍රමාණයක් ගෙන ගුලි සාදා කෝන්ෆ්ලවර් වල දවටන්න. මේවා ස්ටීමර් එක තබා මිනිත්තු දහයක් පමණ තම්බන්න .නැවතත් සාස්පානක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එකතු කර කපා ගත් ලූනු එකතු කර තෙම්පරාදු කරන්න .එයට කපාගත් තක්කාලි කැබලි තක්කාලි සෝස් සුදු විනාකිරි සීනි බැසිල් කොල දමා මිනිත්තු 10ක් පමණ පිසගන්න. ඉන්පසු එය බ්ලෙන්ඩ් කර කලින් සාදා ගත් ෆිශ්බෝල් සමග කෑමට ගන්න .

-චම්මි-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here