නත්තල් පාටියකට ගැලපෙන විලාසිතා 

0
10


නත්තල කියන්නෙ පාර පිරුණු හරිම සුන්දර දවසක්නෙ.

ඉතිං මේ කාලෙට ඔබට ආරාධනා ලැබෙන උත්සවයක සහභාගී වෙද්දී එහෙමත් නැත්නම් ඔබේ නිවසේදී අමුත්තන් පිළිඟන්න ලෑස්ති වෙද්දී අඳින පළඳින ඇඳුම් පැළඳුම් ගැනත් අපි අනිවාර්යයෙන් හිතන්න ඕනනෙ.

අන්න ඒ නිසාම මේ අවුරුද්දෙ වැඩිපුර කතාබහට ලක්වෙන විලාසිතා සමඟ නත්තලට සැරසෙන්න ලෑස්ති වෙමුද? 

වෙල්වට් විලාසිතා කියන්නෙ නත්තලේ දීප්තිය සහ වර්ණ වලට හොඳින්ම ගැළපෙන විලාසිතා වර්ගයක්.

ඔබේ ඇඳුමට හොඳ පෙනුමක්, හැඩයක් සහ වටිනාකමක් ලබාදෙන්න වෙල්වට් රෙද්දෙන් කරපු විලාසිතා වලට හරිම ලේසියෙන් පුළුවන්. 

වෙනත් කිසිම සැරසිල්ලක් නැතුව තනි වෙල්වට් රෙද්දෙන් මසන ඇඳුමක වුනත් හොඳ පෙනුමක් තියෙනව.

කාර්‍යාලයේ උත්සවයකට, සැදෑ සාදයකට වගේ අඳින්න හරිම වැදගත් පෙනුමක් ලබාදෙන්න වෙල්වට් රෙදි වලින් නිර්මාණය වුන ඇඳුම් වලට පුළුවන්. 

දිළිසෙන රෙද්දෙන් එහෙමත් නැත්නම් දිළිසෙන විදිහට හැඩ දමපු රෙද්දෙන් කරපු මේ විලාසිතාත් නත්තල් කාලයට හරියටම ගැළපෙනව.

කොළ, රතු සහ ක්‍රීම් වගේ නත්තලටම ගැළපෙන වර්ණ වල දිළිසෙන රෙද්දෙන් සැරසුනු ඔබට ලොකු ආකර්ෂණයක් වගේම සාදයකට වගේ මොහොතකට ඉතාම හොඳින් ගැළපෙන පෙනුමක් ලබාදෙනවා. 

හැම කාලෙදිම ඉතාම ජනප්‍රිය වෙලා තිබුණු මේ වූල් වලින් ගොතන ලද විලාසිතාවට 2023 වසරෙදිත් කිසිවෙනසක් නොවී ඒ ජනප්‍රියතාව පවත්වා ගන්න පුළුවන් වුනා.

නත්තලේ සීතලට හොඳින්ම ගැළපීම ඒ සඳහා හේතුවක් වෙන්න පුළුවන්. 

කෙටි ගවුම් එහෙමත් නැත්නම් බ්ලවුස් ලෙස නිර්මාණය බොහෝ විදිහට දකින්න ලැබෙන මේ විලාසිතාවේ ඇඳුම් කාර්‍යාලයට වගේම නිවසට එන අමුත්තන් පිළිගන්නත් හොඳින්ම ගැළපෙනව. 

බලන්නකෝ කේට් කුමරියට මේ විලාසිතාව කොච්චර හොඳින් ගැළපෙනවද කියල?

එක්දහස් නමසිය හැට ගණන්වල යුවතියන් අතර ඉතාම ජනප්‍රිය වෙලා තිබ්බ මේ විලාසිතාවත් ඔන්න දැන් ආයෙමත් ජනප්‍රිය විලාසිතා අතරට එක්වෙලයි තියන්නෙ.

ශරීරයේ ඉණෙන් උඩ කොටස ඇඟෙ හැඩයටම හිරට නිර්මාණය කරල යට සාය කොටස විහිදිලා යන විදිහට නිර්මාණය කරල තියෙනව. 

ඔබේ සිරුරෙ හැඩය පෙන්වන්න හොඳින් උදව් වෙන මේ විලාසිතාව සාමාන්‍ය සාදයක් වගේ අවස්ථාවකට හරිම හොඳින් ගැළපෙනව. 

2023 අවුරුද්දෙ ගොඩක් ජනප්‍රිය විලාසිතාවක් වුන තට්ටු කීපයක ඇඳුම් ඇඳීම අමතක කරන්නෙ කොහොමද නේද? 

බොහෝ විට ඇඳුමට උඩින් කබායක් හෝ කාඩිහන් එකක් එහෙමත් නැත්නම් බෙල්ල වටේ ස්කාෆ් එකක් එතීමක් තමයි කරන්නෙ.

පාවහන් වල වර්ණය එම කබාය හෝ කාඩිගන් එක සමඟ ගැළපීමත්  සිදුවෙනවා. 

සාමාන්‍ය සාදයකට, කාර්‍යාලයට, සාමාන්‍ය ගමනට හෝ අවන්හලකට ගොඩවදින්න මේ විලාසිතාව හොඳින්ම ගැළපෙනව. 

මීට අමතරව නත්තලට ගැළපෙන තරු, මුවන්,නත්තල් ගස්, ඉරි සහ කොටු වගේ මෝස්තර සහිත කොළ, සුදු සහ රතු වගේ දීප්තිමත් වර්ණවලින් ඇඳුම් තෝරගන්නත් ඔබට පුළුවන්. 

ඉතිං එහෙමනම්, මේ විලාසිතා එක්කම නත්තල් කාලෙ ගත කරන්න සූදානම් වෙමුද ?



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here