නත්තලට “නට් බ්‍රෙඩ් කේක්”.

0
10


උත්සව සමයේදී සමයේදී නැතිවම බැරි රසවත් ම ආහාරයක්  තමා කේක් කියන්නෙ.ඉතින් අප ඉදිරිපත් කරන මේ විවිධ වර්ගයේ කේක් වට්ටෝරු ඔබේ උත්සව මේසය රසවත් කරාවි.

අවශ්‍ය දේවල්.

 

  • පාන් පිටි ග්‍රෑම් 250 යි
  • බිත්තර එකක්
  • බේකින් සෝඩා තේ හැඳි එක හමාරක්
  • ලුණු තේ හැඳි කාලක්
  • කුරුඳු කුඩු තේ හැඳි දෙකක්
  • වැනිලා තේ හැඳි එකක් 1ක්
  • සීනි ග්‍රෑම් දෙසීයක්
  • ආනමාලු කෙසෙල් ගෙඩි කෝප්ප එක හමාරක්
  • එළවළු තෙල් කෝප්ප බාගයක්
  • නැවුම් එළකිරි මේස හැදි දෙකක්
  • බිත්තර එකක්
  • කජු ග්‍රෑම් එකක්
  • ආමන්ඩ් ග්‍රෑම් එකක්
  • ජම්බෝ පී නට් ග්‍රෑම් දහයක්

සාදන ක්‍රමය.

පිටි, බේකින් සෝඩා ,කුරුඳු කුඩු ,ලුණු එකට දමා හලා ගන්න. එය බඳුනකට දමා බිත්තර සීනි එළවළු තෙල් එකට දමා ගෑරුප්පුවකින් තට්ටුකරන්න. දැන් කිරි සහ පොඩි කරගත් කෙසෙල් ටික ටික දමා කලවම් කරන්න . තැටියකට තෙල් කඩදාසියක් දමා බටර් ආලේප කර මිශ්‍රණය දමන්න. එය සෙන්ටිග්‍රේඩ් 160  උෂ්ණත්වයට විනාඩි 35 පැයක් අතර බේක් කරන්න. මෙය අවන්  එකෙන් ඉවතට ගන්නා විට ටූත් පික් එකක් ගසා පිලිස්සී ඇත්දැයි බලන්න.

-ඉරේෂා-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here