ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන ධීවරයින්ට හා නාවික ප්‍රජාවන්ට අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක් කර තිබේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) දහවල් 2ට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය නැගෙනහිර දෙසට ගමන් කරමින්, ඉදිරි පැය 24 තුළ තවදුරටත් දුර්වල වනු ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් පහත සිතියමේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි මෙන්ම පැ.කි.මී 50 – 60 තද සුළං ද ඇති විය හැකි අතර මුහුද රළු විය හැකි බවද සඳහන්.
Saru News

















