කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් ධීවර කිමිදුම් කටයුතුවල නිරත ධීවර කාර්මිකයන් උදෙසා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත.
කිමිදුම්කරුවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන ලෙස කලක සිට කිමිදුම්කරුවන්ගේ සංගමය විසින් හා ඒ ආශ්‍රිත ධීවර කටයුතු වල නියැලෙන ධීවර කාර්මිකයන් විසින් ඉල්ලීම් කර තිබුණි.
එහි ප්‍රතිඵලයක් ලෙස මෙම කිමිදුම් කරුවන් සඳහා වන විශේෂිත රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
” පොහොසත් රටක් – ලස්සන ජිවිතයක් ” යන රාජ්‍ය ප්‍රතිපත්තිය මත කිමිදුම්කරුවන්ගේ ජිවිතඅවදානම කළමනාකරණය කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙමින් මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව ධීවර කටයුතු ආශ්‍රිතව ධීවර කර්මාන්තයට අදාළව කිමිදුම් කටයුත්තක නිරතව සිටියදී රක්ෂිතයාට සිදුවන මරණයකදී රුපියල් ලක්ෂ 12ක් ලබාදීම සිදු කෙරේ.
මුහුදේදී හෝ මිරිදිය ජලාශයක ඇතුළත කිමිදුම් කටයුත්තක නිරතව සිටින අතරතුරදී ඇති වූ අනතුරක් හේතුවෙන් රක්ෂිතයාට සිදුවන තාවකාලික අකර්මණ්‍ය වීම් ද මෙම යෝජනා ක්‍රමය මගින් ආවරණය කරනු ලැබේ.
මෙහිදී රු.1,200,000/-, රු.1,500,000/-, රක්ෂණ ආවරණ සහිත විවිධ යෝජනා ක්‍රම හඳුන්වාදී ඇති අතර වර්ෂයකට රක්ෂණ ආවරණයක් වෙනුවෙන් ධීවර කාර්මිකයා ගෙවිය යුතු වන්නේ රු.1920/-මුදලක් පමණි.
Saru News












