ධීවර ජනතාව වෙනුවෙන් නව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත.
විශ්‍රාම වැටුප් හා සමාජ රක්‍ෂණ යෝජනා ක්‍රම පනත ප්‍රකාරව හෙට (21දා) සිට මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හඳුන්වා දීමට තීරණය කර තිබේ. ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය හා කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය ධීවර ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය මගින් එය ක්‍රියාත්මක කරන බව එම මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහආරච්චි මහතා ‘දිවයින’ට පැවසීය.
මෙම යෝජනා ක්‍රමය මගින් වයස අවුරුදු 60 සම්පූර්ණ විමත් සමග විශ්‍රාම වැටුප් ලබා ගැනීමට හැකි බවත් විශ්‍රාම වැටුප් ලබා ගනිමින් සිටියදී ප්‍රතිලාභියා මියගිය විට කාලත්‍රයාට විශ්‍රාම වැටුප් ලබා ගැනීමට හැකි වන බවත් ගොවිජන රක්‍ෂණ මණ්ඩලය පවසයි.
2025 ලෝක ධීවර දින සැමරුම වෙනුවෙන් කොළඹ නෙළුම් කුලුනේදී පැවැත්වෙන උත්සවයේදී අගමැතිනි හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් නව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හඳුන්වා දීමට නියමිතය.
අරුණ බෝගහවත්ත
Saru FM Media









