කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව සෞඛ්‍ය හා ජනමධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් කැස්බෑව අධිකරණයේ නඩුවක් පවරා තිබේ.
ධර්ම ශ්‍රී කාරියවසම් විසින් පවත්වා ගෙන යන යූ ටියුබ් නාලිකාවක් හරහා අමාත්‍යවරයාට අපහාස වන පරිදි ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ඖෂධයක් භාවිතයේ දී ඇති වූ බව කියන සිදුවීමක් පාදක කර ගනිමින් පසුගිය දා චෝදනා එල්ල කොට තිබුණි.
එම ව්‍යාජ චෝදනාව හේතුවෙන් සිදු වූ අපහාසයට වන්දි ලෙස රුපියල් බිලියනයක මුදලක් ඉල්ලා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ධර්ම ශ්‍රී කාරියවසම් වෙත එන්තරවාසියක් යවා තිබුණ ද එම එන්තරවාසියෙන් කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ධර්ම ශ්‍රී කාරියවසම්ගේ නීතීඥවරුන් හරහා පිළිතුරු එවා තිබුණි.
නමුත් එන්තරවාසියේ දක්වා තිබූ පරිද්දෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් තමන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක මුදලක් ඉල්ලා ධර්ම ශ්‍රී කාරියවසම් මහතාට එරෙහිව කැස්බෑව දිසා අධිකරණයේදී නඩුව ගොණු කර ඇත.
Saru News










