ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව සෞඛ්‍ය ඇමති අධිකරණයට… රුපියල් බිලියනයක වන්දි ඉල්ලයි… – Saru News | සිංහල

0
2

ධර්ම ශ්‍රී කාරියවසම් නැමැත්තා විමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්සට එරෙහිව සිදු කළ අපහාසාත්මක සාවධ්‍ය ප්‍රචාරයන්වලට එරෙහිව රුපියල් බිලියනයක වන්දි ඉල්ලා කැස්බෑව දිසා අධිකරණයේදී නඩු පැවරීමට අද (09) කටයුතු කර තිබේ.

ධර්ම ශ්‍රී කාරියවසම් පවත්වා ගෙන යන යූ ටියුබ් නාලිකාවක් හරහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්සට අපහාස වන පරිදි ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ඖෂධයක් භාවිතයේ දී ඇති වූ බව කියන සිදුවීමක් පාදක කර ගනිමින් පසුගිය දා චෝදනා එල්ල කොට තිබිණි.

එම ව්‍යාජ චෝදනාව හේතුවෙන් සිදු වූ අපහාසයට වන්දි ලෙස රුපියල් බිලියනයක මුදලක් ඉල්ලා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ධර්ම ශ්‍රී කාරියවසම් වෙත එන්තරවාසියක් යවා තිබුණද ධර්ම ශ්‍රී කාරියවසම් එම එන්තරවාසියෙන් කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ නීතීඥවරුන් හරහා පිළිතුරු එවා ඇත.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් තමන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව අද  කැස්බෑව දිසා අධිකරණයේදී නඩු පවරා තිබේ.


2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here