Wednesday, May 7, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ධර්මරාජයෙන් බිග් මැච් ඉතිහාසගත වාර්තාවක්

ධර්මරාජයෙන් බිග් මැච් ඉතිහාසගත වාර්තාවක්

0
11


big-match-record-from-dharmaraja

 118 වන උඩරට සුලෝහිත සංග්‍රාමයේ දෙවන දිනය: ධර්මරාජය ද්විත්ව ශතක දෙකකින් ඔප්පු කළ බලය
මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 118 වැනි “කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය” වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (05) අවසන් විය. ටී.බී. තෙන්නකෝන් අනුස්මරණ කුසලානය වෙනුවෙන් මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය අතර පැවැත්වෙන ම
ෙම ඓතිහාසික තරඟයේ සුවිශේෂී සිදුවීම වූයේ ධර්මරාජ පිතිකරුවන් දෙදෙනකු විසින් ද්විත්ව ශතක වාර්තා කිරීමයි.
තරගයේ කාසියේ වාසිය දිනාගත් කිංග්ස්වුඩ් විද්‍යාල කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට මහනුවර ධර්මරාජ විද්‍යාලයට ආරාධනා කළ අතර, ධර්මරාජ පිතිකරුවන් සිය පළමු ඉනිම සඳහා කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 454ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් විය. ම
ෙම ඉනිමේ විශේෂත්වය වූයේ තරිඳු වර්ණකුලගේ සහ ලක්වින් අබේසිංහ යන ක්‍රීඩකයන් දෙදෙනා එකම ඉනිමක ද්විත්ව ශතක දෙකක් වාර්තා කිරීමයි. දෙදෙනාම නොදැවී ලකුණු 203 බැගින් රැස් කිරීමට සමත් විය.
අනතුරුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි කිංග්ස්වුඩ් විද්‍යාල කණ්ඩායම දෙවන දිනය නිමාවට පත්වන විට සිය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 105ක් ලබා සිටියා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here