ධනාත්මකව සිහින දකින්න සූදානම් වෙමු- නවසීලන්තයට එරෙහිව ලංකාවෙන් ලකුණු 10 ක්

0
8


නිශ්මං රණසිංහ මැයි 05, කොළඹ LNW:

කිලෝ ග්‍රෑම් 85 ට අඩු කාණ්ඩයෙන් නවසීලන්ත රගර් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරගයෙන් නවසීලන්තය ලකුණු 50 – 10 ක් ලෙස ජයග්‍රහණය කරන්නට සමත් වුණා.නවසීලන්තය වැනි ලෝකයේ ඉහළම රගර් සංස්කෘතියට උරුමකම් කියන රටකට එරෙහිව මේ පරාජය ද ශ්‍රී ලංකාවට වටිනා එකක් වුවත්,අත්දැකීම් මදකම් නිසා ඇති වන මඟහැරීම් සහ කලබලකාරීවීම් නොවන්නට ශ්‍රී ලංකාවට මීට වඩා හොඳ ප්‍රතිපලයකට යන්න ඉඩ තිබුණා.

නවසීලන්තය මත බලාපොරොත්තු නොවුණ පීඩනයක් මේ තරගයේදී ශ්‍රී ලංකාව ඇති කරනු ලැබුවා.එය වැදගත් පෙර නිමිත්තක්.මහනුවර තරගයේ රශ්ණයෙන් පවා නවසීලන්ත ක්‍රීඩකයින් යම් පිඩාවක් අත් විදිනු දකින්නට ලැබුණා.මේ තත්ත්වයන් ද ශ්‍රී ලංකාවට කල්පනාකාරී වුවහොත් තව දුරටත් වාසිදායක තත්ත්වයකට හරවා ගන්න ලැබෙනවා.

නවසීලන්තයට එරෙහිව නූතණ රගර් සංස්කෘතිය ඇතුළෙ උත්සාහක දිණුමක් සටහන් කිරමේ භාග්‍යය දැහන් වික්‍රමාරච්චි විසින් ලබා ගත්තා.එහි ප්‍රවර්ථනය සහ ගෝල දිණුමකින් නයිජල් රත්වත්ත ලබා දුන් සහයත් සමඟයි ශ්‍රී ලංකාවේ ලකුණු 10 ලබා දුන්නෙ.

නවසීලන්තය වෙනුවෙන් ලකුණු යන්ත්‍රය ආරම්භ කළේ පසියා අසියාටා ඉන් පසුවද තවත් උත්සාහක දිණුමක් ලබා දෙන්නට සමත් වුණා.අසියාටා ට අමතරව ප්‍රැන්සිස් මොරිසන් ද උත්සාහක දිණුම් දෙකක් ලබා ගන්නට සමත් වුණා.ඉතිරි උත්සාහක දිණුම් හතර ජෙමී පෙට්ෆොර්ඩ්,බෙන් මෙග්සන්,ජැක් ලෙයිටි,නායක ජරෙඩ් පර්සිවෙල් අතර බෙදි ගියා.වාර්තා කළ උත්සාහක දිණුම් අටෙන් පහකම ප්‍රවර්ථන සාර්ථක වූ අතර ඉන් හතරක්ම නිසි එල්ලය කරා යොමු කළේ ජරෙඩ් පාර්සිවල්ය.ඉතිරි සාර්ථක ප්‍රවර්ථනයේ හිමිකරු වූයේ ටේන් කොර්ඩේල් හුල් ය.

නවසීලන්තය වැනි පැතිරුණු විසිරුණු සම්පත් සහිත උසස්ම රගර් ක්‍රීඩාවක් ඇති රටක විවිධ ප්‍රදේශවලින් පැමිණ කණ්ඩායමට එක්ව සිටින ක්‍රීඩකයින්ට මුහුණ දෙන්නට ශ්‍රී ලංකාවට ඇති රගර් සංයුතිය කණ්ඩායම් අටකට සීමා වි පැවත්වෙන රගර් තරගාවලියය.එම කණ්ඩායම් සදාකාලිකව එම ස්ථානවලය.ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය හැරුණු විට අනිත් කණ්ඩායම් හතරෙන් තුනක් කොළඹය.එකක් මහනුවරය.ඒවා හරහා රටේ ක්‍රීඩාවට ලැබෙන සහය කුඩා නොවුණ ද,ක්‍රීඩාව ප්‍රසාරනය වි තව දුරටත් තරගකාරී මට්ටම ඉහළ යා යුතුව ඇත.මේ සඳහා ක්‍රිඩාව සඳහා අලුත් ක්‍රීඩා සමාජ සඳහා ඒමට ඉඩක් සමඟ අටේ සංයුතිය සදාකාලික නොවී ඒවා ඉහළ පහළ යා හැකි ව්‍යහුයක් ගැන කල්පනා කරන්නට මේ තරගාවලියම කල්පනාවට ගත හැකිය.

ඉතා සීමිත පිරිසකට ජාතික මට්ටමේ තරග කිරීමේ අවස්ථාව ඉහළ මට්ටමෙන් හිමිවන්නට හේතුව වන්නේ එම පහසුකම් සීමිත ක්‍රීඩා සමාජ ප්‍රමාණයකට පමණක් හිමිව තිබීමය.එම ක්‍රීඩා සමාජවලට ඉහළ බදු සහන යටතේ ඉහළ වටිනාකම් සහිත භූමි භාග භුක්ති විදීමට හැකියාව ලැබී ඇත.එසේම මත්පැන් අලෙවිය සහ වෙනත් ආකාරවලට දේපළ කුලියට දීම් ආදියද එම ක්‍රීඩා සමාජ ආශ්‍රිතව සිඳු වී ඇත.

ඒ මට්ටමටම නොවුණත් බී කාණ්ඩයේ ද,කාන්තා රගර් ක්‍රීඩාවේද තත්ත්වය ද ඉහළ යා යුතුය.බී කාණ්ඩයේ ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ ක්‍රීඩකයෙකු ඒ ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරන්න පුරප්පාඩුවක් බලා සිටිය යුතුය.15 අතර ඒ හැම දක්ෂයෙකුටම ඉඩ නොලැබෙන්නේය.සමහර විට දක්ෂතා ඇති අයෙකුට සිය රගර් දිවිය කවදාවත් ජාතික ක්‍රීඩා සමාජයකට තබා ඒ කාණ්ඩයේ ජාතික සූරතාවලියක අවස්ථාවක් හෝ නොලබා නිමා කරන්නට සිඳු විය හැකිය.මේ වරප්‍රසාද ලෙස සැළකිය හැකි වෙනස්කම්වල වාසිය අනුන්ට නැති බව පෙන්නා,තමන්ට බෙදා ගන්නට අවශ්‍යය වූ විට භාවිතයට ගන්න ද ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ ඉදිරිපත් වන්නේය.

ඒ ආකාරයට විශාල මැදිහත්වීමක් අප වෙබ් අඩවිය ද කරමින් (සාක්ෂි ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ එම ක්‍රීඩා සමාජයේ ප්‍රධානියා වන ආචාර්ය කැළුම් සුජිත් ගත හැකිය) ඒ කාණ්ඩයේ ක්‍රිඩා කරන්නට ශ්‍රී ලයන්ස් ක්‍රිඩා සමාජයද පිවිසියේය.ඔවුන් හොඳින් තරගාවලිය නිමා කරන්නට සමත් විය.ඔවුන්ටද ඉතා අඩු පදනම් මතක්‍රිඩා පිටි භුක්ති විදිමින් කොළඹ නගරය මැද සුපිරි ඉඩක් වෙන් කරවා ගැනීමේ වරප්‍රසාදය ලැබූ ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ නුසුදුසු බවට ගෙනා යෝජනාවක් වූයේ ක්‍රීඩා පිටියක් නොමැතිකමය.එය ඇති එක නැති එකාගේ හැකියාව නොසළකා ඔවුන්ව අවඥාවට ලක් කරන පහත් තත්ත්වයකි.(මේවාට මේ වන විට රාජ්‍ය දේශපාලන අනුග්‍රහයම ලබා දෙන්නට පිඹුරුපත් සැකසෙමින් තිබීම ඛේදයකි)

මේ තත්ත්වයන් තේරුම් ගෙන දැන් පත්වන පරිපාලනයක් ඒ ක්‍රීඩා සමාජවල පැවත්මට අභියෝග වන විදිහට තරගකාරීව ඔවුන්ව අභිබවා ගියහොත් බී කාණ්ඩයේ සූරයන්ට ඒ වෙත පැමිණ,ඒ කාණ්ඩයේ අන්තිමයා බී කාණ්ඩයට පැමිණිය යුතුව ඇත.එය වඩාත් වැදගත් ක්‍රීඩාවේ ගුණාත්මක සංවර්ධනය සඳහා මෙන්ම ක්‍රීඩාවට ඇති ආසාව ක්‍රීඩා කරවීම දක්වා පොළඹවන්නට හොඳ අභිප්‍රේරණයක් වනු ඇත.ක්‍රීඩා අමාත්‍යවරයා ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ කොච්චර වියදම් කරනවාද ඒ අයට සාධාරණයක් ඕනි වැනි කතා ඒ ක්‍රීඩා සමාජවලටම සම්බන්ධ ඔහුගේ උපදේශකයන්ගෙන් අසා කියවීම පසෙකට කර,ඒ වියදම් වෙනුවෙන් ඔවුන්ට උපයන්නට සහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් දී ඇති බදු සහන ගැනත් සිතිය යුතුව ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here