ද. කොරියානු හිටපු ජනපති ආර්යාවට මාස 20ක සිර දඬුවමක්

0
11

දේශපාලන වාසි සඳහා අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට දකුණු කොරියානු හිටපු ජනාධිපති ආර්යා කිම් කියොන් හී ට වසරක් සහ මාස 8ක (මාස 20) සිර දඬුවමක් පැනවීමට එරට අධිකරණයක් අද (28) නියෝග කළේය.

හිටපු ජනාධිපති යූන් සුක් යෙයොල්ගේ බිරිඳ වන කිම්, දේවස්ථානයකට ‍සම්බන්ධ නිලධාරීන්ගෙන් මිල අධික ත්‍යාග ලබාගැනීමේ චෝදනාවට මෙලෙස වරදකරු වී තිබේ.

කෙසේ වෙතත් ඇයට එරෙහිව තිබූ තවත් චෝදනාවන් වන කොටස් මිල හැසිරවීම සහ දේශපාලන අරමුදල් නීති උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනාවලට සාක්ෂි නොමැතිවීම හේතුවෙන් එම චෝදනාවලින් ඇයව නිදහස් කිරීමට අධිකරණය පියවරගෙන ඇත.

මිල අධික බෑග්, දියමන්ති මාලයක් වැනි සුඛෝපභෝගී භාණ්ඩ ලබාගැනීම ඇතුළු චෝදනා රැසක් ඇයට එරෙහිව එල්ල වී තිබේ.

ඒ හේතුවෙන් නඩු පවරන්නන් ඇයට වසර 15ක සිර දඬුවමක් සහ දැඩි දඩ මුදලක් පනවන මෙහිදී අධිකරයෙන් ඉල්ලා තිබේ.

කිම් පාර්ශ්වය එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, ඇයට එරෙහිව ලැබුණු සිර දඹුවම සම්බන්ධයෙන්ද අභියාචනයක් ඉදිරිපත්කිරීමට බලාපොරොත්තුව වන බවත් ඇගේ නීතිඥවරයා පවසා ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here