දොස්තර අයිස් ගහද්දී පොලිසිය මාට්ටු

0
10


අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි වෛද්‍යවරයෙක් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා (29) පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වලස්මුල්ල මූලික රෝහලට අනුයුක්තව සේවය කරමින් සිටි වෛද්‍යවරයෙක් බවයි පොලිසිය පැවසුවේ.

34 හැවිරිදි මෙම වෛද්‍යවරයා සමඟ තවත් අයෙක් ද අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මොවුන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මිලිග්‍රෑම් 580ක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here