දෛනික සෝදිසි මෙහෙයුමෙන් පුද්ගලයින් රැසක් පොලිස් අත්අඩංගුවට

0
9

පොලීසිය විසින් දිවයින පුරා සිදුකරන ලබන සෝදිසි මෙහෙයුම් මගින් ඊයේ (24) දිනයේදී පුද්ගලයින් 30,236ක් පරීක්ෂාවට ලක්කළ බව පොලීසිය පවසයි.

එම පරීක්ෂා කිරීම් මගින් සැකපිට පුද්ගලයින් 524 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගලයින් 17ක් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනා ගෙන ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

තවද මෙම මෙහෙයුම් මගින් වරෙන්තුකරුවන් 256 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර විවෘත වරෙන්තුකරුවන් 200ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම බීමත්ව රිය පැදවීමේ චෝදනා මත රියදුරන් 429ක්ද පොලීසිය මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ සිදුකරනු ලැබූ මෙම මෙහෙයුම් මගින් ඊයේ දිනයේදී අපරික්ෂාකාරීව රිය පැදවීමේ චෝදනා මතද පුද්ගලයින් 53 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් වෙනත් රථවාහන වැරදි සම්බන්දව පුද්ගලයින් 4,706කට එරෙහිව නීතිමය පියවර ගැනීමටද කටයුතු කළ බවත්ය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here