ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවට ඉඩ ප්‍රස්ථාව සලසමින් බදු පද්ධතිය වැඩි දියුණු කිරීම පිණිස, යෝජිත බදු ප්‍රතිසංස්කරණ ඇතුළත් කරමින් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට සංශෝධන හඳුන්වා දීම සඳහා 2025-05-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ .
ඒ අනුව, සංශෝධිත පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අතර, ඒ සඳහා නීතිපතිගේ අවසරය ලැබී ඇති බව සඳහන් වේ .
එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත .
Saru News










