දේශීය අල-ලූනු ලබන වසරේ සතොසට ගන්නවා

0
8

ඇමැති වසන්ත සමරසිංහ

ලබන වසරේ (2026) සිට දේශීය අල සහ ලූනු සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මගින් මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10දා) පැවසීය.

ඒ සඳහා රුපියල් මිලියන 1000ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇතැයි කී ඇමැතිවරයා දේශීය අර්තාපල් සහ ලූනු සියයට 20 ක්වත් වෙළෙඳපොළෙන් මිලදී ගැනීම රජයේ අපේක්ෂාව බවද කීය.

කෘෂිකර්ම සහ වෙළෙඳ අමාත්‍යංශ මැදිහත්ව මෙම කටයුතු සිදු කරන අතර අයවැයෙන් වෙන් කර ඇති මුදල් ප්‍රමාණවත් නොවන්නේ නම් ඒ සඳහා තවත් මුදල් ලබාදීමට සූදානම් බව ද ඒ මහතා සඳහන් කළේය. අයවැය විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

අකිත පෙරේරා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here