දේශබන්දු පොලිස්පති කිරීම ගැන පෙත්සම් විභාගය පෙබරවාරි 12දා

0
7

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පෙබරවාරි මස 12 වන දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

මෙම පෙත්සම් අද (08දා) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනල මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම් පෙබරවාරි මස 12 වන දා විභාගයට ගන්නා බවය.

කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ල තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව විසින් පෙත්සම් 09 ක් ඉදිරිපත් කර තිබුණි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here