වැඩ තහනමට ලක් ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු දෙදෙනකුට නොතීසි නිකුත් කර තිබෙනවා.
ඒ අධිකරණ නියෝග කඩ කරමින් ක්‍රියා කිරීම හේතුවෙන්.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා හට අප්‍රේල් මස 25 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කර තිබෙනවා.
අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේ දී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියා කිරීම සම්බන්ධයෙනුයි ඔහුට එරෙහිව චෝදනාවක් ගොනු ව ඇත්තේ.
තෙන්නකෝන් මහතා ව අධිකරණයෙන් පිටතට රැගෙන යාමට භාවිත කළ අති සුඛෝපභෝගී මෝටර් රථයේ හිමිකරුට ද එදින අධිකරණයට පැමිණෙන ලෙසට දැනුම්දී තිබෙනවා.
ඉකුත් අප්‍රේල් මස 10 වැනිදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේ දී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුව මෙකී නොතීසි නිකුත් කර ඇති බවත් වාර්තා වනවා.
Saru FM Media