දේශබන්දු තෙන්නකෝන්ට ඇප

0
9


රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (10) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ අතර එහිදී ඔහු ඇප ලබා දී තිබේ.
ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ මාතර – වැලිගම ප්‍රදේශයේ පිහිටි “W15” හෝටලයට 2023 වසරේදී වෙඩි වෙඩි තැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් සිදු කරමින් පැවති විමර්ශනවලට අදාළවය.
ඔහු ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කර තිබූ අතර පසුව දේශබන්දු තෙන්නකෝන් දින 20ක් පමණ කලායක් අධිකරණය මගහැර සැඟව සිටියේය.
පසුව ඔහුගේ දේපළ රාජසන්තක කිරීමට අදාළ නියෝග ලබා ගැනීමට සූදානම් වූ අවස්ථාවේ මාර්තු 19වනදා මෝසමක් මගින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඔහු භාර වූ අතර පසුව ඔහු අවස්ථා කිහිපයක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
අවසන් වරට මේ මස 03වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අරුණ ඉන්දික බුද්ධදාස නියෝග කර තිබිණි.
ඒ අනුව රාජකාරි අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝත් අද රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් නියම කර ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here